රුසියාව, යුක්‍රේනය ආක්‍රමණයට සැරසෙයි...

පෙබ 19, 2022

    රුසියානු ජනාධිපති විලැද්මීර් පූටින් එළඹෙන සතියේදී යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ධවල මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. ජනාධිපති බයිඩන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, අමෙරිකානු බුද්ධි අංශ තක්සේරුවට අනුව, රුසියානු ආක්‍රමණය එළඹෙන සතියෙ සිදුවන බවයි. එහි ඍජු ඉලක්කය  යුක්‍රේනය අගනුවරයි.

    රුසියානු ජනාධිපතිට මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක්ට එළඹීමේ අවකාශය තවමත් පවතින බවද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටිනවා. මේ අතර,  ඩොංබාස් ප්‍රදේශයේදී රුසියානු බෙදුම්වාදීන් හා  යුක්‍රේන හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් තම සොල්දාදුවෙකු මිය ගිය බව,  යුක්‍රේන බලධාරින් පවසනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, රුසියානු බෙදුම්වාදීන් යටතේ පවතින ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස් යන ප්‍රදේශවල සිවිල් වැසියන්, අසල්වැසි රුසියාව දෙසට ඉවත් කෙරෙමින් පවතින බවයි.

    Latest News