"ඉයුනිස්"  බ්‍රිතාන්‍ය කළඹයි... BBC

"ඉයුනිස්" බ්‍රිතාන්‍ය කළඹයි...

පෙබ 19, 2022

    යුරෝපය හරහා යමා ගිය "ඉයුනිස්" සුළි කුණාටුවෙන් සිව්දෙනෙකු මිය ගිය අතර,  දහස් සංඛ්‍යාත පිරිසකට හානි සිදුවී තිබෙනවා.

    පැයට කිලෝමීටර් 196 ක වේගයකින් යුත් සුළං සහිතව "ඉයුනිස්" කුණාටුව බ්‍රිතාන්‍ය හරහා හමා ගියා. සුළගේ වේගය කොතරම් ප්‍රබලදැයි කිවහොත්,  ලන්ඩනයේ මහ මඟ ගමන් කළ මගීන් පවා ගසාගෙන යාමේ තත්වයක් පැවතුණා. ගස් කඩාවැටීම් රැසක් වාර්තාවී තිබූ අතර, වසර 200 ක පමණ ඉතිහාසයක් සහිත ඕක් වර්ගයේ ගසක්ද හානියට පත්ව තිබුණා. එමෙන්ම ගොඩනැගිලි රැසකට ද හානිසිදුවී තිබුණා. ලන්ඩනයේ හීතෘ ගුවන්තොටුපොළට ගුවන් යානා ගොඩබැස්සවීම අධික සුලං හේතුවෙන් බෙහෙවින් දුෂ්කර කාර්යයක් ද වී තිබුණා.

    Last modified on සෙනසුරාදා, 19 පෙබරවාරි 2022 21:05

    Latest News