මහ රැජිනටත් කොරෝනා.....

පෙබ 20, 2022

    බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිනට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

    ඇයට සුළු රෝග ලක්‍ෂණ පමණක් පෙන්නුම් කරන බවට බකිංහැම් මාලිගය නිවේදනය කළේ. ඇය වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ඉදිරි දින කිහිප ගත කරනු ඇති බව බකිංහැම් මාලිගය පවසනවා. මහ රැජින ඉදිරි සතියේ සාමාන්‍ය රාජකාරිවලින් බැහැරව සුලු රාජකාරිවල පමණක් නිරතවීමට නියමිතයි. රැජින, පසුගිය සතියේ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි චාල්ස් කුමරු හමුවී ඇති අතර, ඔහුගෙන් මහ රැජිනට වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. බ්‍රිතාන්‍යයේ මහ රැජින 95 වැනි වියේ පසුවනවා. ලොව වැඩිම කලක් ජීවත් වූ මහ රැජින ලෙසයි දෙවැනි එළිසබෙත් මහ රැජින සැලකෙන්නේ.

    Latest News