යුක්‍රේන යුද අභ්‍යාසවල කාලසීමාව දීර්ඝ කෙරේ

පෙබ 21, 2022

    යුක්‍රේන දේශසීමා ආසන්නයේ සිදු කෙරෙන යුද අභ්‍යාසවල කාලසීමාව දීර්ඝ කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර තිබේ.

    අභ්‍යාස, ඊයෙන් අවසන් වීමට නියමිතව තිබිණ. නේටෝ සංවිධානය සමග එක්වීමට යුක්‍රේනය ගෙන ඇති තීරණයට රුසියාව විරෝධය පළ කරයි. එබැවින්, රුසියාව, සිය හමුදා යුක්‍රේන දේශසීමා ආසන්නයේ තවමත් රඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

    බෙලරූස් රාජ්‍යය සමග එක්ව යුද අභ්‍යාසයක නියැලීමට රුසියාව බලාපෙරොත්තු වෙයි. ඒ යුක්‍රේනයට ආසන්න බෙලරූස් දේශසීමාවේදී.

    Latest News