ග්‍රීසියේ නෞකා අනතුරේ මෙහෙයුම් තවදුරටත්....

පෙබ 20, 2022

    ග්‍රීසියේ කෝෆු දූපත ආසන්නයේ දී නෞකාවක් ගිනි ගැනීමෙන් අතුරුදන් වූ 12 දෙනෙකු සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඉතාලි සමාගමකට අයිති එම නෞකාව ඉකුත් සිකුරාදා ග්‍රීසියේ සිට ඉතාලි වරායක් වෙත පිටත්ව ගිය අතර, එහිදී නෞකාවේ මෝටර් රථ ගබඩා තට්ටුවක ගින්නක් හටගෙන තිබෙනවා. නෞකාවේ සිර වී සිටි පුද්ගලයින් 280 දෙනෙකු ගුවන් යානාවල ආධාරයෙන් මුදා ගැනීමට ග්‍රීක වෙරළාරක්‍ෂකයින් සමත් වුණා. 12 දෙනෙකු අතුරුදන්. නෞකාව අයත් සමාගම පවසන්නේ, මගීන් 239ක් හා කාර්ය මණ්ඩලයේ 51 දෙනෙකු මෙම නෞකාවේ ගමන් කළ බවයි. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

    Last modified on ඉරිදා, 20 පෙබරවාරි 2022 12:18

    Latest News