ප්‍රහාර මැද යුක්‍රේන ජනපති යුරෝපා සංගමය අමතයි

මාර් 02, 2022

    යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි ඊයේ (02) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඇමතුවේය.

    ‘මා දන්නවා රුසියාව අපට පහර දෙද්දී, ඔබ සැම (යුරෝපා රටවල්) සිටින්නේ යුක්රේනය පැත්තේ. යුක්රේන වැසියන්ගේ පැත්තේ. ඒත් ඔබ ඒක ඔප්පු කළ යුතුයි. ඔබ යුක්රේනය පැත්තේ බව අපට ඔප්පු කරන්න. යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කරගන්න.

    අප සටන් කරන්නේ අපේ ජීවත් වීමට ඇති නිදහස වෙනුවෙන්. අපේ දරුවන් වෙනුවෙන්. අපේ අනාගතය වෙනුවෙන්. යුක්රේනය යුරෝපා රටක්. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින් අප කරන්නේ සාධාරණ ඉල්ලීමක්. ඔබ අප සමඟ සිටිනවා යැයි ඔප්පු කර පෙන්වන්න’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැවැසුවේ ඉතා හැඟීම්බරවය.

    ජනාධිපතිවරයා යුක්‍රේනය පාර්ලිමේන්තුව ඇමතුවේ යුක්රේන බසිනි. යුරෝපා සංගමයේ නායකයන්ට එම කතාව පරිවර්තනය කළ ඇනැත්තා පවා කතාව ඇසීමෙන් සංවේදී වූ අතර, එය යුරෝපා නායකයන් සංවේදී කිරීමට හේතුවක් වුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    රුසියාව, යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කර දින 7ක් ගෙවී අවසන්. රුසියාව යුක්‍රේනයේ කියෙව් අගනුවර,කාර්කිව් ඇතුළු නගර රැසක් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලකරමින් පවතින පසුබිමක, අර්බුදය සම්බන්ධයෙන් රුසියාව හා යුක්‍රේනය අතර දෙවැනි වටයේ සාකච්ජා අද පැවැත්වීමට ද සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බදාදා, 02 මාර්තු 2022 14:38

    Latest News