අමෙරිකාවේ බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට 

මාර් 02, 2022

    අමෙරිකාවේ බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 110ක් ලෙසයි වාර්තා වන්නේ. එය වර්ෂ 2013 න් පසු වාර්තා වූ ඉහළම අගයයි. රුසියානු-යුක්‍රේන අර්බුදය මීට බලා තිබෙනවා. ඔපෙක් සංවිධානය සහ රුසියානු නියෝජිතයන් අතර අද විශේෂ සාකච්ජාවක් සංවිධාන කර ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. ඒ, එළඹෙන අප්‍රේල් මාසයේ බොර තෙල් නිෂ්පාදනය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා යි.

    එම සාකච්ජාවට දිනක් තිබියදී ඊයේ, අමෙරිකාවේ බොරතෙල් මිල මෙලෙස ඉහළ යාම කැපී පෙනෙන කරුණක්. ඒ අනුව, බොරතෙල් බැරලයක මිල 5%කින් ඉහළ ගොස් තිබුණේ 2013 වසරේ සැප්තැම්බර් මාසයට පසු වාර්තා වූ ඉහළම අගය කරා ළගා වෙමින්. “බ්‍රෙන්ට්“ බොර තෙල් බැරලයක ගෝලීය විකුණුම් අගය ද 5.6%කින් ඉහළ ගොස් තිබෙනවා. එය, 2014 ජුලි මාසයට පසු වාර්තා වූ ඉහළම අගයයි. රුසියානු-යුක්‍රේන යුද්ධය ඉකුත් බ්‍රහස්පතින්දා ආරම්භ වීමත් සමඟ “බ්‍රේට්“ සහ “ඩබ්ලිව් ටී අයි“ යන බොර තෙල් දෙවර්ගයම ඩොලර් සියය ඉක්මවා ගියා. දෙරටේ අර්බුදය හේතුවෙන් බොර තෙල් හිඟයක් මතුවනු ඇති බවට, සැක පළවීම නිසා වෙළෙඳපොළ තුළ ඊට ඉහළ ඉල්ලුමක් පවතිනවා.

    Latest News