බටහිර ඔස්ට්‍රෙිලියා ප්‍රාන්තය, සිය දේශසීමා විවෘත කරයි... CNN

බටහිර ඔස්ට්‍රෙිලියා ප්‍රාන්තය, සිය දේශසීමා විවෘත කරයි...

මාර් 03, 2022

    බටහිර ඔස්ට්‍රෙිලියා ප්‍රාන්තය, සිය දේශසීමා අද (03) විවෘත කළා.

    ඒ, අදාළ දේශ සීමා කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට වසර 02 කට ආසන්න කාලයක් වසා තැබීමෙන් අනතුරුවයි. ඒ අනුව, ප්‍රාන්තයට, ජාත්‍යන්තර සංචාරකයන්ට සහ ඔස්ට්‍රෙිලියානුවන්ට පැමිණීමට අවස්ථාව සැලසෙනවා. මුල් වරට අද ප්‍රාන්තය විවෘත කිරීමත් සමග ගුවන් තොටුපොළේ දැඩි කාර්යබහුලත්වයක් පැවති බව විදෙස් වාර්තාවල සඳහන්.

    දිගු කාලයකට පසු යළි සිය ආදරණීයයන් හමුවීමට හැකිවීම නිසා ගුවන් තොටුපොළ තුළ පැවතියේ සංවේදී දසුන්. මේ වන විට, එරට සියලු ප්‍රාන්ත යළි විවෘත කර තිබෙනවා. බටහිර ඔස්ට්‍රෙිලියා ප්‍රාන්තය දේශසීමා විවෘත කරනු ලැබූ අවසන් ප්‍රාන්තයයි. අද බටහිර ඔස්ට්‍රෙිලියා ප්‍රාන්තය විවෘත කෙරුණේ, එරට විශාලම නගරය වන සිඩ්නි ජාත්‍යන්තර සංචාරකයන්ට විවෘත කිරීමෙන් මාස 04 කට පසුවයි.

    Latest News