හින්දු බැතිමතුන්, අද (18) "හෝලි" සමරයි.... BBC NEWS

හින්දු බැතිමතුන්, අද (18) "හෝලි" සමරයි....

මාර් 18, 2022

    ඉන්දියාවේ හින්දු බැතිමතුන්, අද උත්සව ශ්‍රීයෙන් "හෝලි" සමරනවා.

    කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන්, වසර 03 කට පමණ පසුවය, හෝලි සැමරීමට මෙවර හැකිවී ඇත්තේ. ඒ නිසා ජනතාව ඊට දැඩි උනන්දුවක් දක්වන බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. විවිධ වර්ණ තවරා ගනිමින් සහෝදරත්වය පිළිබිඹු කිරීමටයි හෝලි උත්සවය සමරන්නේ.

    සියලු ආරවුල් සහ අමනාපකම් අමතක කර සමරනු ලබන වර්ණවත් උත්සවයක් ලෙස හෝලි ලොව පුරා පුසිද්ධයි. ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් රැසක හින්දු භක්තියකන් හෝලි අද සමරනු ලැබුවා. මේ වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක දැවැන්ත උත්සව සංවිධාන කර තිබුණා. අග්‍රාමාත්‍ය මෝදි ද හෝලි උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවඩුයක් නිකුත් කර තිබෙනවා.

    Last modified on සිකුරාදා, 18 මාර්තු 2022 19:52

    Latest News