නාසා; ප්‍රබල රොකට්ටුවක් අත්හදා බැලීමට සූදානම්... TTRWORLD

නාසා; ප්‍රබල රොකට්ටුවක් අත්හදා බැලීමට සූදානම්...

මාර් 18, 2022

    නාසා ආයතනය ප්‍රබල රොකට්ටුවක් අත්හදා බැලීමට සූදානම් වනවා.

    මේ සඳහා ඩොලර් බිලියන 37 ක් වැය වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ අඟහරු ග්‍රහයා නිරීක්ෂණය කිරීම, මිනිසුන් සඳ වෙත ප්‍රවාහනය කිරීම හා සඳ මත මිනිස් ජනපදයක් ස්ථාපනය කිරීමයි. තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් පසුබෑමට ලක්ව තිබූ බවයි, වාර්තා වන්නේ.

    මෙහි අවසන් අදියරේ අත්හදා බැලීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව නාසා බලධාරින් පවසනවා. මෙය නව අභ්‍යවකාශ සහ චන්ද්‍ර ගවේෂණයේදී අමෙරිකා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් බවයි, විද්‍යාඥයින් පවසන්නේ. චීනය, රුසියාව මෙන්ම ඉන්දියාව ද තරඟකාරී ලෙස චන්ද්‍ර ගවේෂණයේ යෙදී සිටිනවා. එවන් අවස්ථාවක මෙම නව රොකට්ටුව අමෙරිකාවේ ආධිපත්‍ය යලි පෙන්නුම් කිරීමක් බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    Latest News