ඔස්ට්‍රෙිලියා ගංවතුරින් ජනජීවිතයට දැඩි බාධා...

මාර් 29, 2022

    ඔස්ට්‍රෙිලියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් එරට ජනජීවිතයට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

    බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් වාර්තාවනවා. ඔස්ට්‍රෙිලියාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයට මෙම මස තුළදී අධික වර්ෂාපතනයක් වාර්තා වූ දෙවැනි අවස්ථාව මෙය බවයි, එරට බලධාරින් පවසන්නේ. "ලිස්මෝ" නගරය ඇතුලු බොහෝ ප්‍රදේශවල පවතින ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

    ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වීමේ නියෝග දැනටමත් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම මස ආරම්භයේදී බලපෑ අධික ගංවතුර හේතුවෙන් දැඩි පීඩාවට ලක්වූ "නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ" උතුරු දිග ප්‍රදේශයේ හානියට පත් නිවාස සහ ගොඩනැගිලි තවමත් පිළිසකර කරමින් පවතින පසුබිමක ප්‍රදේශයේ යළි ගුවතුර අවදානමක් මතුව තිබෙනවා. ගංඟා සහ ජලාශවල ජල මට්ටම්ද ඉහළ යමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    Latest News