තුර්කියේ ස්ථාන්බූල් අගනුවර අද පැවැත්වූ පළමු වටයේ සාම සාකච්ඡා සඳහා යුක්‍රේන පාර්ශවකරුවන් එක්වීමට ප්‍රථම යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. මෙසේ අනතුරු ඇඟවීමට හේතුව ලෙස මීට පෙර පැවති සාකච්ඡා වටයකදී රුසියානු මිලියනපතිවරයෙකු වන රොමාන් අබ්‍රමොවිච්ට කිසියම් විෂක් ශරීරගතවීමේ සිද්ධිය පාදක වී තිබුණා.
ඔහුට, සාම සාකච්ඡා අතරතුරදී මෙම විෂ ශරීරගතවන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඔහු පසුගිය මාසයේ බෙලරුස් - යුක්‍රේන දේශසීමා ප්‍රදේශයේ පැවති සාකච්ඡාවලට සහභාගී වුණා. ඔහු සමග සිටි යුක්‍රේන සාම සාධක නියෝජිතයන් දෙදෙනෙකුටද විෂ ශරීරගත වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ ඇස්වල දැවිල්ලක් හා හඳුනානොගත් චර්ම ආසාදනයක් හටගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රොමාන් අබ්‍රමොවිච් සුප්‍රසිද්ධ වෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරු ද වනවා. යුකේනය හා රුසියාව අතර, දෙවැනි වටයේ සාම සාකච්ඡා අද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.