රූබල්වලින් නොගෙව්වොත් රුසියානු ගෑස් නවතියි

අප්‍රේ 01, 2022

    යුරෝපයට යවනු ලබන ගෑස් සඳහා රූබල්වලින් ගෙවීම් නොකළ හොත් සැපයුම් නතර කරන බව රුසියාව පවසයි.

    ඒ සම්බන්ධව නව පනතකට ද රුසියානු ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ.

    ගෑස් ගැණුම්කරුවන් අනිවාර්යයෙන්ම රුසියානු බැංකුවල රූබල්වලින් ගනුදෙනු සිදු කරන ගිණුම් ආරම්භ කළ යුතු බව, නව නීතියේ සඳහන්.

    ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, කිසිඳු රටක් රුසියාවට නොමිලයේ භාණ්ඩ ලබා නොදෙන බවයි.

    ඒ අනූව රුසියාවටත් කිසිඳු රටකට නොමිලයේ භාණ්ඩ ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔහු සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 01 අප්‍රේල් 2022 11:25

    Latest News