රුසියාව නවතම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලයි... 

අප්‍රේ 21, 2022

    නවතම අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව, රුසියාව පවසනවා.

    ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ, එය සාර්ථක වූ බවයි. එබැවින් රුසියාවේ න්‍යෂ්ටික බලය හමුවේ සිය සතුරන් යම් තීරණයක් ගන්නේ නම්, ඒ පිලිබඳව දෙවරක් සිතා බැලිය යුතු බව, ඔහු ප්‍රකාශ කර ඇත. මෙම බැලැස්ටික් මිසයිලය නම් කර ඇත්තේ, "සර්මාට්" යනුවෙනි. රුසියාවේ වයඹදිග "ප්ලෙසෙට්ස්ක්" ප්‍රදේශයේ සිට ඊට නැගෙනහිරින් පිහිටි "කම්චට්කා" අර්ධද්වීපය වෙත එය පතිත කෙරුණා.

    Latest News