මිහිකත දිනට අදයි

අප්‍රේ 22, 2022

    මිහිකත දිනය අදට යෙදී තිබෙනවා. 'අපේ ලෝකයේ, ආයෝජනය කරමු' යන්න මෙවර එහි තේමාවයි. ගෝලීය වශයෙන් මිහිකත දිනය සැමරීම සඳහා විශේෂ අවධානයක් යොමුකර තිබේ. 

    එක්සත් ජාතීන්සේ සංවිධානය, මෙවර මිහිකත දිනය සදහා අනු තේමාවක් ද යොදා ගෙන තිබේ. ඒ පරිසරය සමග සහජීවනය යන්නයි.  මිහිකත දිනය සෑම වසරකම අප්‍රේල් මස 22 වැනිදා සමරනු ලබයි.  ඒ 1970 වසරේ සිටයි. 

    කාර්මිකරණයට හා පරිසර දූෂණයට එරෙහිව, අමෙරිකාවේ ජනතාව මිලියන 20කට අධික සංඛ්‍යාවක් දැක්වූ විරෝධතා පදනම් කර ගනිමින්, ගෝලීය මිහිකත දිනය ප්‍රකාශ කරනු ලැබීය.

    පරිසරය සුරැකීම, ගෝලීය දේශගුණික වෙනස්වීම් පිටුදැකීම හා ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ලොව පුරා ජනතාවගේ දැනුවත්භාවය නැංවීම ජගත් මිහිකත දිනයේ මූලික අපේක්ෂාවයි.

    Latest News