තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ පිපිරීමකින් සිය ගණනක් මරුට

අප්‍රේ 24, 2022

    නයිජිරියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් සියයකට අධික සංඛ්‍යාවක් ජිවිතක‍්‍ෂයට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා.

    නයිජිරියාවේ, ඉමෝ ප්‍රාන්තයේ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකයි, පිපිරීම සිදුව ඇත්තේ. මෙය නීති විරෝධිව පවත්වාගෙන ගිය ස්ථානයක් බවයි, ආරක්‍ෂක අංශ ප්‍රකාශ කළේ. ඉන්ධන මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පිරිසකට හා වාහන රැසකට ද ගින්නෙන් දැඩි හානි සිදුව තිබෙනවා. හානිය මෙතෙක් තක්සේරු කර නැහැ. අප්‍රිකාවේ විශාලතම බොර තෙල් නිෂ්පාදකයා වන්නේ ද නයිජිරියාවයි. එහෙත් නීති විරෝධි ලෙස තෙල් පිරිපහදු කිරීම් තවමත් සිදුවන බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් එරට ආරක්‍ෂක අංශ විමර්ශනයක් සිදු කරන බවයි, නයිජිරියානු රජය පවසන්නේ.

    Latest News