රුසියානු ආරක්‍ෂක අමාත්‍ය යුක්රේනයේ සංචාරයක...

ජූලි 16, 2022

    රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ‍ෂොයිගු අද යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වුණා.

    ඔහු එහිදී යුද මෙහෙයුම්වල වත්මන් තත්වය නිරීක්ෂණය කළ බවයි, වාර්තා වන්නේ. ආරක්ෂක අමාත්‍යවරයා එහිදී යුක්රේනයේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සටන් වැද සිටින හමුදාවන්ගේ අණදෙන නිලධාරීන් හමුවී තිබෙනවා. යුක්රේන යුද්ධයේදී විශිෂ්ට දස්කම් දැක්වූ හමුදා නිලධාරීන්ට පදක්කම් පිරිනැමීම ද රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා අතින් අද සිදුවුණා. යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ රුසියානු ඉලක්ක පිළිබඳව බුද්ධි තොරතුරු අමෙරිකාව, යුක්රේනයට සපයන ලද බවට, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

    අමෙරිකා එක්සත් ජනපදය, යුක්රේනය වෙත දිගු දුර රොකට් පද්ධති සැපයීම දැනටමත් සිදු කරනවා. රුසියානු පාබල හමුදා ස්ථානගත වී ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු මෙන්ම යුද උපකරණ හා ආයුධ මෙම බුද්ධි තොරතුරුවලට අයත්. අමෙරිකාව, යුක්රේන හමුදාවට සහය වීම සඳහා නිල නොවන ලෙස උපදේශකයන් පවා යවා ඇතැයි රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසනවා.

    Latest News