එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදට වසර තුනක්

මැයි 21, 2024
    එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදුවී අද (21) ට වසර තුනක් සපිරෙනවා.

    එම නෞකාව ගිනිගැනීම හේතුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු කලාපයේ පරිසරය දූෂණය ට ලක්විය. සිය ජීවනෝපාය හරිහැටි කිරීමට නොහැකි බවට ධීවරයින් තවමත් මැසිවිලි නගයි.

    මේ අතර හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවර සමිති 9 ක සාමාජිකයින් තමන් මුහුණදී ඇති ගැටලුවලට ප්‍රතිකර්ම යොදන ලෙස බලකරමින් අද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.
    ඔවුන් ඇලකන්ද තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ බව අප වාර්තාකරු පැවසුවා.

    Latest News