ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (04) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කර ඇත..
මෙලෙස කොළඹ වරායට පැමිණි CORVETTE FSGHM වර්ගයට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව, දිගින් මීටර් 90.71ක් හා නැව්මුළුව 120ක ගෙන් සමත්විතයි.
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් WIRASTYO HAPRABU කටයුතු කරනවා.
තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතයි.
සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘KRI DIPONEGORO - 365’ 2025 පෙබරවාරි මස 05 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.