'රීමල්' ජීවිත 16ක් ඩැහැ ගනියි

මැයි 29, 2024
    ඉන්දියාවේ සහ දකුණු දිග බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශ හරහා හමා ගිය “රීමල්” සුළි කුණාටුවෙන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    සුළි කුණාටුව බංග්ලාදේශයේ “මොන්ග්ලා” වරාය සහ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සාගර් දූපත් හරහා ඉකුත් ඉරිදා හමා ගිය අතර, එම ප්‍රදේශ කුණාටුවේ දැඩි බලපෑමට ලක්විය.
    ඊයේ වන විට සුළි කුණාටුව වෙරළබඩ තීරය ඔස්සේ ගොඩබිමට කඩා වැදීමත් සමග ලක්‍ෂ 10 කට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා.
    පැයට කිලෝ මීටර 110 ක වේගයෙන් හමා ගිය තද සුළං සහිත ධාරාණිපාත වර්ෂාව සහ උදම් රළ හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත.
    ලක්‍ෂ 80 ක පමණ පිරිසක් අවදානම් කලාපය තුළ ජීවත් වන අතර, ඉන් බහුතරයක් කුඩා දරුවන් බව බලධාරින් පවසනවා.
    නිවාස 35,000 ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

    Latest News