ලෙබනනයේ එ.ජා සාමාජිකාවක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයයි

සැප් 25, 2024
    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් නැගෙනහිර ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමාජිකාවක මිය ගොස් තිබෙනවා.

    ඩිනා ඩාර්විච් නමැති ඇය, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සි කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක්. ඩිනා ඩාර්විච් නිවසට එල්ල වූ ප්‍රහාරයෙන් ඇයගේ දරුවෙකුද මියගියා.

    ඇයගේ ස්වාමිපුරුෂයා සහ වැඩිමහල් පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
    ඩිනා ඩාර්විච් පහළොස්වසරක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සේවය කර තිබෙනවා.
    එහි ගෝලීය අධ්‍යක්ෂ ෆිලිපෝ ග්‍රන්දි පැවසුවේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලෙබනනයේ සිවිල් වැසියන් සිය ගණනක් බිලිවී ඇති බවයි.
    මියගිය 550 දෙනෙකුගේ පමණ අවමංගල්‍ය කටයුතු ලෙබනනයේ ප්‍රදේශ කිහිපයකදී සිදු කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2024 10:23

    Latest News