රුසියානු මිසයිලයට යුක්‍රේනයේ 3ක් බිලි

සැප් 25, 2024
    රුසියානු මිසයිල ප්රහාරයකින් යුක්රේනයේ තිදෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

    යුක්රේනයේ ඊසානදිග කාකිව් නගරයට එල්ලවූ ප්රහාරවලින් දේපල රැසකටද හානි සිදුව තිබෙනවා.
     
    මියගොස් ඇත්තේ, මහල් ගොඩනැගිල්ලක සිටි තිදෙනෙක්. එහි සිටි 31 දෙනෙකු තුවාල ලැබුවා.
     
    මේ අතර, යුක්රේනු ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සම්මේලනය සහභාගි වීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටිනවා.
     
    ඔහු රුසියාවට චෝදනා කරමින් කියා සිටියේ, රුසියානු ප්රහාරවල ඉලල්කය වී ඇත්තේ සිවිල් වැසියන් රැඳී සිටින ස්ථාන බවයි.
     
    මේ අතර යුක්රේනයේ වුහ්ලෙදාර් නගරය රුසියානු හමුදා විසින් වටකර තිබෙනවා. එම නගරය ආරක්ෂා කිරීමට යුක්රේන හමුදාව මහත් පරිශ්රමයක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

    Latest News