One Direction තරුවක් නොසිතූ ලෙස නිහඬ වෙයි

ඔක් 17, 2024
    ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන One Direction හි හිටපු සාමාජිකයෙකු වන Liam Payne මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ ආජන්ටිනාවේ පිහිටි හෝටලයක තුන්වන මහලෙන් ඇද වැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි එරට පොලීසිය සඳහන් කළේ.

    මියයන විට 31 වන වියේ පසු වූ Payne වඩාත් ප්‍රසිද්ධ වූයේ One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසයි.
    Niall Horan, Harry, Louis සහ Zayn ගෙන් සමන්විත වූ One Direction සංගීත කණ්ඩායම ලොව වඩාත් සාර්ථකම Boy Band එක ලෙස හැඳින්වෙන අතර ජනප්‍රිය ගීත සහිත ඔවුන්ගේ ඇල්බම ලොව පුරා පිටපත් මිලියන 70 කට අධික සංඛ්‍යාවක් විකිණී තිබුණා.

    Latest News