මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

ඔක් 17, 2024
    මැද පෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
    අදාල රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ඔස්සේ අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
    එම කලාපයේ රටවල සේවයේ නියුතු සහ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් නිරන්තරයෙන් ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
    එම උපදෙස්වලට විශේෂ අවදානයක් ‍යොමු කර ඒ අනුව ක්‍රියා කරන ලෙස මැදපෙරදිග කලාපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා.
    තවද ඔවුන්ගේ ඥාතීන්ට යම් හදිසි අවස්ථාවකදී තම සමීපතමයන් පිළිබඳ තොරතුරු විමසීම සඳහා දුරකතන අංක දෙකක්ද ලබාදී තිබෙනවා.
    0112 338 812 / 011 771 1194 එම දුරකතන අංකයි.එමගින් වි‍දේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය හා සම්බන්ධ වීමට හැකියාව ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News