තානාපති අමීර් අජ්වාඩ් සෞදි අරාබියේ ශ්‍රී ලාංකික සූපවේදීන් සමඟ ඵලදායී සාකච්ඡාවක

ඔක් 16, 2024

    තානාපති අමීර් අජ්වාඩ් සෞදි අරාබියේ ශ්‍රී ලාංකික සූපවේදීන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පවත්වයි.


    සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන, සංචාරක, සංස්කෘතික මෙන්ම රැකි රක්ෂා වැනි විවිධ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය වෘත්තිකයන් තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ කර ගැනීෙම් සමාරම්භක අදියර ලෙස රාජධානියේ සේවය කරන ශ්‍රී ලාංකික සූපවේදීන් හමුවිය.

    තානාපති කාර්යාලය විසින් කැදවා තිබූ රැස්වීමට සෘජුව හා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ ශ්‍රී ලාංකික සූපවේදීන්ගේ විශාල පිරිස අමතමින් තානාපති අමීර් අජ්වාඩ් මහතා ඔවුන්ට සූපශාස්ත්‍ර සංස්කෘතිය හරහා ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට තානාපති කාර්යාලය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කළේය.

    ආගන්තුක සත්කාර ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ දී තානාපති කාර්යාලය වෙත ඔවුන්ගේ සහයෝගය ද ඔහු ඉල්ලා සිටියේය. තානාපති අමීර් අජ්වාඩ් මහතා සෞදි රාජධානියේ සේවය කරන ශ්‍රී ලාංකික සූපවේදීන් කුසලතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම මඟින් සවිබල ගැන්වීමට සහය ලබා දෙන බව සඳහන් කරන ලදී.


    මේ වසරේ යෙදෙන ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වැනි සංවත්සරය සැමරීම ඇතුළු තානාපති කාර්යාල වැඩසටහන් සඳහා සිය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා සූපවේදීන් ප්‍රකාශ කරන ලදී. රාජධානිය තුළ ශ්‍රී ලාංකීය ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ද ඔවුහු තානාපතිවරයා සමඟ සාකච්ඡා කළහ.


    රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක වන ගීතානි පද්මිණී මහත්මිය විසින් නිෂ්පාදනය කරන ලද “සන්ෂයින්” නම් ශ්‍රී ලාංකේය ඖෂධීය නිෂ්පාදනයක් තානාපති අමීර් අජ්වාඩ් වෙත පිරිනැමීම ද මෙහිදී සිදු විය.


    මෙම අවස්ථාවට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය/ දූත මණ්ඩල ප්‍රධානි මොහොමඩ් අනාස් මහතා සහ ප්‍රථම ලේකම්/වෙළඳාම් ටෂ්මා විතානවසම් මහත්මිය සහ රාජධානියේ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සමාජයේ කැඳවුම්කරු විජිත බණ්ඩාර මහතා සහභාගී විය.

    1

     

    3

    Latest News