ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හදිසි ආරක්ෂක තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සසෙක්ස් ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ ගුවන්තොටුපොළට පැමිණි මගියකු සතු ගමන් මල්ලකින් සැක කටයුතු තහනම් භාණ්ඩයක් සොයා ගැනීමෙන් පසු එම තත්ත්වය ඇති වූ බවයි.
එම සැක කටයුතු භාණ්ඩය යම්කිසි පුපුරන ද්‍රව්‍යයක් බවට සැක පහළවීම හේතුවෙන් ගුවන්තොටුපොළේ දකුණු පර්යන්තයේ සියලු මගීන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවීමට ද සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ගුවන්තොටුපොළේ දකුණු පර්යන්තයේ මගීන් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවද, එහි සෙසු පර්යන්තවල මෙහෙයුම් බාධාවකින් තොරව සිදුවූ බවත් දකුණු පර්යන්තය භාවිත කරන බ්‍රිතාන්‍ය ගුවන් සමාගම ඇතුළු දෙස් විදෙස් ගුවන් සමාගම් කිහිපයක ගුවන් මෙහෙයුම්වලට පමණක් බාධා සිදුවූ බවත් වාර්තා වනවා.
දකුණු පර්යන්තය කරා ධාවනය වන දුම්රිය සේවාව ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරින් පියවර ගෙන තිබුණා.