බෝතලෙන් ආ මාරයා

නොවැ 23, 2024
    ලාඕස් රාජ්යයේ සංචාරක හෝටලයක සිටි විදේශකයින් පානය කරන ලද මත්පැන් විස වීම හේතුවෙන්, මියගිය විදේශ සංචාරකයින් සංඛ්යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මෙම සිදුවීම සිදුව ඇත්තේ ලාඕස් රාජ්යයේ “වැන්ග් වියෙන්ග්” නගරයේ ප්රසිද්ධ සංචාරක හෝටලකදී බවයි වාර්තා වන්නේ.

    ඉකුත් සතියේදී මෙම හෝටලයේ සිටි සංචාරකයින් 14 දෙනෙකු, එම හෝටලය විසින් සපයන ලද එතනෝල් වර්ගයට අයත් මත්පැන් පානය කිරීමත් සමග රෝගාතුර වුණා. ඉන් පසුව ඔවුන් රෝහල්ගත වුණා.
     
    ඉකුත් සතියේ පමණක් ඩෙන්මාර්ක සංචාරක කාන්තාවන් දෙදෙනෙකු සහ ඇමෙරිකානු පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගේ අනන්යතාවය හෙළි කර නැහැ.
     
    නොවැම්බර් 21 වැනි දින, 28 හැවිරිදි සිමෝන් වයිට් නම් බ්රිතාන්ය ජාතික කාන්තාවක් මිය ගිය බව ලාඕස් බලධාරීන් නිවේදනය කර සිටියා. 19 හැවිරිදි ඕස්ට්රේලියානු මිතුරන් වන බියන්කා ජෝන්ස් සහ හොලි බෝල්ස් ඊයේ සහ අද දින මිය ගිය බවටයි වාර්තා වුණේ.

    Latest News