විශ්වාසභංග යෝජනාව ජයගනී ප්‍රංශ රජය බිඳ වැටෙයි

දෙසැ 05, 2024
    අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්රංශ රජය බිඳවැටී තිබෙනවා.

    පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත කිරීමට අගමැතිවරයා විශේෂ බලතල භාවිතා කිරීම හේතුවෙන්.

    විශ්වාසභංගය ජයග්රහණය කිරීමට ආසන 577 කින් යුත් ප්රංශ පාර්ලිමේන්තුවේ ඡන්ද 288 ක් අවශ්ය වනවා.
     
    නමුත් ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදි දක්ෂිණාංශික සහ වාමාංශික මන්ත්රීවරුන් 331 දෙනෙකු විශ්වාසභංගයට සහය දක්වමින් ඡන්දය ප්රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
     
    විශ්වාසභංගය පරාජය වීමත් සමග ප්රංශ අග්රාමාත්යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අද ඉල්ලා අස්වනු ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
     
    1962 වසරෙන් පසු විශ්වාසභංගයකින් ප්රංශ රජය බිඳවැටුණු ප්රථම අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ. එය එරට දේශපාලනික අස්ථාවරත්වය තවදුරටත් පෙන්නුම් කිරීමක් බවයි විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ.
     
    මීට ප්රතිචාර දක්වමින් ප්රංශ දක්ෂිණාංශික ජාතික රැලියේ නායිකා මරීනේලේපෙන් කියා සිටියේ ජනාධිපති මැක්රෝන් මෙහිදි දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි.
     
    ප්රංශය තුළ ඇතිවී ඇති දේශපාලනික අර්බුදයට ඔහු වගකිව යුතු බවත් ඇය ප්රකාශ කර සිටිනවා.
     
    ජනාධිපති මැක්රෝන් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදි මිචෙල් බානියර් අග්රාමාත්යධුරයට පත්කර ගත් අතර, ඒ අනුව ප්රංශයේ කෙටිම කාලයක් අග්රාමාත්යධූරය දැරූ පුද්ගලයා බවට ඔහු පත්වේ.
     
    කෙසේවෙතත් ජනාධිපතිවරයා තම අනුප්රාප්තිකයෙකු තෝරාපත් කර ගැනීමට නියමිත අතර, ඔහු භාරකාර අගමැති ලෙස ඉදිරියේදි කටයුතු කරනු ඇති බවයි සඳහන් වන්නේ.
     
    ජනාධිපති මැක්රෝන් අද ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරීමටද නියමිතයි.

    Latest News