දකුණු කොරියාවේ දේශපාලන අර්බුදය තවදුරටත් උග්රවී තිබෙනවා.
ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි විරෝධතා මෙන්ම, ඔහුට හිතවාදී පාර්ශ්වයන්ගේ රැලි සෝල් අගනුවර පුරා අඛණ්ඩව පැවැත්වෙනවා.
ජනාධිපතිවරයා, යුද නීතිය ප්රකාශයට පත් කිරීම පිළිබඳ චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලීසිය විමර්ශන සිදු කරන බව වාර්තා වනවා.
උතුරු කොරියානු තර්ජන හා රටේ අස්ථාවර භාවය පිළිබඳ සඳහන් කරමින්, දකුණු කොරියානු ජනාධිපතිවරයා ඉකුත් අඟහරුවාදා රාත්රී යුද නීතිය ප්රකාශයට පත් කළා.
එහෙත්, එරට විවිධ දේශපාලන පාර්ශ්වවල මතය වූයේ ජනාධිපතිවරයාට එරෙහිව පැවති පාර්ලිමේන්තුව පාලනය කිරීම එහි අරමුණ වූ බවයි.
ජනාධිපති යුන් සුක් යෝල්ට සහ අනෙකුත් ප්රධාන නිලධාරීන්ට එරෙහිව විපක්ෂය පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.