රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතියි. රැකියා නොමැතිකම,දුරවල සේවා හා රාජ්‍ය දූෂණය පිළිබඳ විරෝධතාව හටගෙන තිබුණු අතර තවත් නගර තුනක ඇඳිරි නීතිය මේ නිසා ප්‍රකාශයට පත්කර තිබේ.
සමහර ප්‍රදේශවල සමාජ මාධ්‍ය වේදිකා හා අන්තර්ජාල ප්‍රවේශය පවා අවහිර කර තිබේ. අගමැති ඇඩෙල් අබුදුල් මහීඩ් මීට වසරකට පෙර බලයට පත්වීමෙන් පසුව සිදුවූ විශාලතම විරෝධතාවය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.