නීති පැනවීම පිළිබඳ සාකච්ජාවක් ජපාන අමාත්‍යවරුන් පිරිසක් හා විශේෂඥයින් කණ්ඩායමක් අතර මෙම සතියේ දී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී ඔන්ලයින් ක්‍රමයට සිදුවන ගනුදෙනුවල විනිවිධ භාවය ඇති කිරීම හා පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම වැනි මූලික අරමුණ අන්තර්ගතව සාකච්ජා කිරීමට නියමිතව පවතියි.
පෞද්ගලික තොරතුරු රැස් කිරීම හා එමගින් දැන්වීම් ප්‍රචාරණය වැනි කරුණු පිළිබඳව අවදානය යොමු කරමින් ඉදිරි දිනයක දී සාකච්ජාවලින් අනතුරුව එළඹෙන තොරතුරු අනූව නීති සම්පාදනය කිරීමට ජපාන රජය බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.