එහි බර දළ වශයෙන් ටොන් බිලියන 315ක් වන බවයි, වාර්තා වන්නේ. ඒ අනූව, මෙය වසර 50ක ආසන්න කාලසීමාවක් තුළ දී ඇන්ටාක්ටිකාවෙන් කැඩී ගිය විශාලතම අයිස් කුට්ටිය බව ද පැවසෙයි. වර්ග කිලෝමීටර 1,636ක පමණ විශාලත්වයක් සහිත මෙම අයිස් කුට්ටිය "ඩී-28" ලෙසයි හඳුන්වනු ලබන්නේ.
පර්යේෂකයන් මේ පිළිබඳ දැඩි අවදානයකින් පසුවන අතර, යුරෝපා සංගමයට අයත්, චන්ද්‍රිකාවක් මගින් ලබා ගත් ඡායාරූප මෙම පර්යේෂණ සඳහා ද යොදා ගැනේ. ඇන්ටාක්ටිකාවට අයත් තෙවැනි විශාලතම අයිස් තට්ටුව ඇමෙරි බවයි, වාර්තා වන්නේ. අනාගත අයිස් කුට්ටි කැඩීයාම නෞකා ගමන් වෙත දැඩි බලපෑම්ක එල්ල කරන බවයි, ඒ පිළිබඳ පර්යේෂණය කරන විද්වතුන් සඳහන් කරයි.