ලොව විශාලතම හානිකර මෘදුකාංග ජාලයක් තහනම් කරයි

මැයි 30, 2024

    ලොව විශාලතම හානිකර මෘදුකාංග ජාලයක් වසා දැමීමට ලොවපුරා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක කර තිබෙනවා.

    එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ, එම ජාලය මගින් ඩොලර් මිලියන 5.9 ක  මුදල් ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි.

    බොට්නෙට් ලෙස හඳුන්වනු ලබන ලොව විශාලතම හානි මෘදුකාංග ජාලයන්ගෙන් එක් ජාලයක් වන මෙම ජාලය, හානි කර මෘදුකාංගවලින් සමන්විත එහි හිමිකරුට විධාන සහ පාලන මෘදුකාංග භාවිතයෙන් මෙහෙය විය හැකි පරිගනක ජාලයක් වනවා.

    මෙම මෘදුකාංග ජාලය, අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට තොරතුරු හෙලි වී ඇති බව, ‍එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. එෆ් බී අයි ආයතනය සහ සෙසු ජාත්‍යන්තර නියෝජිත ආයතනය සමග ඒකාබද්ධව මෙම ජාලය වසා දැමීමට පියවර ගත් බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    කැරි‍බියානු දූපතක් වන ‘සෙන් කිට්ස්’ හි පුරවැසියෙකු ද වන චීන ජාතික “යුන්හෝෂී - වොං” හට මෙම ජාලය නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    පරිගනක වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම මෙන්ම පරිගනක වංචා කිරීම සහ මුදල් විශුද්ධීකරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු මත මොහුට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සෑම චෝදනාවකටම වරදකරු වුවහොත්, ඔහුට වසර 65 ක උපරිම සිරදඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:32

    Latest News