නිරිතදිග උඩුයටිකුරු වෙයි කාලගුණයේ වෙනසක්

ජූනි 18, 2024
    දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තරමක වැඩි වීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසන්නේ.

    මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත්, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වාත් ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බැවින්, ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවදානයෙන් කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වනවා.

    Latest News