අදත් මි.මී.100 ඉක්මවූ තද වැස්සක්

ඔක් 08, 2024
    අද (08) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම දෙපාර්තමේන්ව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

    බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News