ශ්‍රී ලංකාවේ අනාගතය නෙළුම් කුළුණ, ශැන්ග්‍රිලා හින්දි සිනමා පටයක

ඔක් 09, 2024

    රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමා පටය ‘සිංහම් අගේන්’ එළැඹෙන 2024 දීපවාලී දින නිකුත් කිරීමට නියමිතයි.

    අජේ දේව්ගන්, කරීනා කපූර්, අක්ෂේ කුමාර්, රන්වීර් සිං, දීපිකා පදුකෝන්, ටයිගර් ෂ්රොෆ්, අර්ජුන් කපූර් සහ ජැකී ෂෙරොෆ් ඇතුළු හින්දි සිනමාවේ දැවැන්තම තරු පොකුරක් ‘සිංහම් අගේන්’ සඳහා රංගනයෙන් දායක වේ. මීට අමතරව සල්මාන් ඛාන් ද ආරාධිත රංගනයකට එක් වනවා.

    මුම්බායි, හයිද්‍රාබාද්, කාශ්මීර් වැනි ‍ප්‍රදේශ වලත් ශ්‍රී ලංකාවේ වටිනා වාස්තු විද්‍යාත්මක ස්ථානයන් වන කොළඹ නෙළුම් කුළුණ, ෂැංග්‍රිලා හෝටලය, ගාලු මුවදොර පිටිය, නුවරඑළියේ සීතාඑළිය, සීතායි අම්මාන්, තිරුක්කෝවිල් වැනි ස්ථාන කිහිපයකත් චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කර තිබෙනවා.

    තමාගේ බිරිඳ පැහැරගන්නා ත්‍රස්තවාදියෙකුට එරෙහිව සටනට බට පොලිස් නිළධාරියකුගේ වික්‍රමාන්විතය මෙම චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගත හැකියි.

    සිනමා පටය සඳහා ඉන්දීය රුපියල් මිලියන 3750 කට ආසන්න මුදලක් ඊට වැය කර තිබෙනවා.

    Latest News