පීඩන අවපාතය කෙමෙන් කෙමෙන් පහව යන ලකුණු

නොවැ 29, 2024
    නිරිත දිග බෙංගාල බොක්ක ප්රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 08.30 ට පමණ වන විට ත්රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.

    එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට හැකියාව තිබෙන බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්රමයෙන් අවම වනු ඇතැයි බලපොරත්තු වනවා.
     
    දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත් වලත් ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
     
    උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
     
    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකියි.
     
    සෙසු ප්රදේශ වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
     
    උතුරු, උතුරු-මැද, වයඹ, මධ්යම සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
     

    Latest News