පුල පුලා බලා සිටි කාලගුණයේ වෙනස

දෙසැ 03, 2024
    අද (03) දින නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    දිවයිනේ බොහෝ ප්රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතියි.
     
    මේ අතර මඩකලපුව සිට සිට ත්රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වාවන මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකිය.
     
    දිවයින වටා වන මුහුදු ප්රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වනවා.
     
    දිවයින වටා වන මුහුදු ප්රදේශ සාමාන්ය ස්වභාවයේ පැවතිය හැකි බවයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

    Latest News