වැසි රහිත කාලගුණයක්

පෙබ 17, 2025
    ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්රික්කවල අද (17) දින වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතියි.
     
    උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්රීකුණාමලය දිස්ත්රික්කයේත් හිමිදිරි උදෑසන කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.
     
    බස්නාහිර,සබරගමුව සහ මධ්යම පළාත්වලත් බදුල්ල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතියි.

    Latest News