23 වැනි වාර්ෂික Wanderlust Reader Travel Awards හි දී ශ්‍රී ලංකාව ‘ලෝකයේ වඩාත්ම කැමතිම දූපත’ ලෙසද තේරී පත් වී තිබෙනවා.
ලන්ඩනයේ පැවැත්වුනු සම්මාන උළෙලේ දී ලක්ෂ 2 කට අධික සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබෙනවා. රිදී සම්මානය තායිවානයට ද, ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයට ද හිමි වුනා.
ලෝ ප්‍රකට Wanderlust Travel මැගසීනය එක්සත් රාජධානිය පදනම් කරගත් ජාත්‍යන්තර සඟරාවක් වන අතර වඩාත් කැමති ගමනාන්ත, සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක සන්නාම ඇතුළු සංචාරක ක්ශේත්‍රයේ විවිධාංගීකරණයන් සඳහා එහි ඉඩ වෙන් කර ඇත.
ශ්‍රී ලංකාව ගිය වර මෙහි 8 වන ස්ථානය දිනා ගත් අතර ප්‍රථම ස්ථානය හිමි වුයේ ක්‍රොඒශියාවටයි.
“ඉන්දියන් සාගරයේ මුතු ඇටය” ලෙසින් හඳුන්වනු ලබන ජාතියේ ඉතිහාසයට ජීවය ලැබෙන්නේ සීගිරිය, දඹුල්ල, අනුරාධපුර සහ පොළොන්නරුව පුරාණ නටඹුන් දර්ශන වලිනි.
දිවියන්ගෙන් පිරුණු ජාතික වනෝද්‍යාන සහ තංගල්ල ත්‍රිකුණාමල වෙරළ තීරයන් තේ වතු සහ මධ්‍යම කඳුකරයේ සශ්‍රීක උස්බිම් වල ස්වාභාවික සෞන්දර්යත් ජාත්‍යන්තරයේ ඇස් මවිත කිරීමට සමත් වී ඇත.