"බෝයිං ස්ටාලයිනර්" ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත

ජූලි 08, 2024

    බෝයිං ස්ටාලයිනර් අභ්‍යවකාශ යානය පසුගිය ජුනි 5 වන දින ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත් වූවා.

    ඒ අත්හදාබැලීමේ මෙහෙයුමක් සඳහායි.

    පියාසර ප්‍රවීණයන් වන ඉන්දියානු සම්භවයක් ඇති ගගනගාමී සුනීතා විලියම්ස් සහ ඇගේ සගයා වූ බැරී විල්මෝර් ද ඒ සඳහා එක් වූවා.

    මාසයකට වැඩි කාලයකට පසුව, අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වී තිබෙනවා.

    නමුත් තාක්ෂණික ගැටළු හේතුවෙන් මෙහෙයුම දින 45 සිට 90 දක්වා දීර්ඝ කිරීමට අභ්‍යවකාශ ඒජන්සිය සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

    ගමන අතරතුර, ස්ටාලයිනර් හි හීලියම් කාන්දුවීමක් සහ තවත් තාක්ෂණික ගැටලු කිහිපයක් මතුවී තිබෙනවා.

    Last modified on සදුදා, 08 ජූලි 2024 16:18

    Latest News