ඉන්දියානු පූජකවරුන්ගෙන් බහුලව දකින්න පුලුවන් වන්නේ කළු පැහති ඇදුම් සහ තද කහ පාටට හුරැ වස්ත්‍රවලින් සැරසි සිටිනවුන්.නමුත් නිර්වස්ත්‍රව සිටින අගෝරානම් පූජකවරුන් ගැනත් අපි අසා තිබෙනවා.එහෙත් මන් මේ කියන්න හදන්නේ අගෝරා පූජකවරුන් ගැන අපි නොදන්නා කරුණු කීපයක්. අගෝරා පූජකවරුන් කිව්වම අපි බොහෝ දෙනා අතරේ මැවෙන චිත්‍රයක් තමයි බොබ්මාලි ස්ටයිල් එකේ කොණ්ඩේ වවාගෙන ඇග පුරාම අළු හුණු ගාගෙන ගංජා බොන නිර්වස්ත්‍රව ඉන්න පිරිසක් ටිකක්.
නමුත් අපි මොවුන් ගැන නොදන්නා කරුණු බොහෝමයක් තිබෙනවා.
අගෝරා යන වචනය අගෝරි නම් සංස්කෘත භාෂාවෙන් ආ වචනයක් විදියටයි සලකන්නේ.මොවුන් ජීවත්වන්නේ ඉන්දියාවේ නම ගිය පූජනීය ස්ථානයක් වන කාසි පුන්‍ය බූමියේ.දැඩි ශිව භක්තිකයින් වන මොවුන්ට තවත් ආත්මයක ඉපදෙනවා කියන විශ්වාසය නැති පිරිසක්.ලෞකික ජීවිතයේ ආශාවන්වලින් මිදි තම ජීවිතයම දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කරපු පිරිසක් ලෙසයි මොවුන් සිතා සිටින්නේ.මොවුන් අතරේ ඇති සමහර ක්‍රියාකලාපයන් දැඩි ත්‍රාසජනක වගේම ඉතා පිලිකුල් සහගත ක්‍රියාකලාපයන්වීම විශේෂිතයි.
සාමාන්‍ය මනුස්සයෙක්ට ජීවත්වෙන්න බැරි, රැයක ගමන් කරන්නවත් බය හිතෙන තැනක් තමයි මිනි වලලන කනත්ත.නමුත් මොවුන් කනත්ත තමයි තමන්ගේ වාසස්ථානය බවට පත්කරගෙන සිටින්නේ.කනත්තේ ජීවත්වෙන එක විතරක් නෙමෙයි මිනි අළු තමන්ගේ ඇගපුරාම තවරාගෙන සිටිමද මොවුන්ගේ පුරැද්දක් බවට පත්වී තිබෙනවා.මොවුන් ශිවන්ගේ වගේම කාලි මෑණියන්ගෙත් අනුගාමිකයින්.මොවුන් මත්පැන් පානය කර මිනි මස් අනුභව කරනවා වගේම මල මිනි සමග ලිංගිකව හැසිරෙන පිරිසක්.එයට හේතුව ලෙස මොවුන් කියන්නේ කාලි මෑණියන්ගේ අණ ඒ ආකාරයෙන්ම පිලිපදින බවයි.ඒ වගේම මොවුන් ඉතා ආඩම්බරයෙන් කියා සිටින්නේ මෙවැනි දුෂ්කර ක්‍රියාවන් අගෝරාවරුන් හැර වෙන කිසිදු පූජකයින්ට කල නොහැකි බවයි.
මේ පිරිස අතරේ තව හොද ගුණාංගයන්ද තිබෙනවා.කිසිදු පුද්ගලයෙක්ට කිසිම අයුරකින් හිරිහැරයක් නොකරන මොවුන් කිසිදු තරහක් හිතේ තියාගෙන වෛරය පිරිමහගන්න මාන බලන්නෙත් නෑ.හිතේ වෛරයක් තිබෙනවානම් ඒ පුද්ගලයාට ධ්‍යානයේ යෙදෙන්න බැරි බවයි මොවුන්ගේ අදහස.ඉන්දියානු ජනතාවට මොවුන්ව දැකීමෙන් මොනතරම් බයක් ඇතිවෙනවාද ඒ තරම්ම භක්තියකුත් මොවුන් කෙරේ තිබෙනවා.අනිත් කාරණය ආගම් ප්‍රචලිත කිරීම මොවුන්ගේ අරමුණ නොවේ. මොවුන්ට ඇති එකම අරමුණ දෙවියන්ගේ ස්නේහවන්තයින් බවට පත්වීම විතරයි.
අගෝරාවරුන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන සැනණකෙලියක් තිබෙනවා.ඒ සැණකෙලියත් ඔවුන් සමරන්නේ අවුරැදු 12ට සැරයක් පමණයි.එම සැණකෙලියට ලොව වටා සිටින සියලු අගෝරාවරුන් අහමදාබාත් ප්‍රදේශයට එක්රොක් වෙනවා.එම සැණකෙලිය දවස්වල තමන් අනුභව කරන ආහාරයට තවත් ආගන්තුකයින් පිරිසක්ද එකතු කරගන්නවා.
ඒ බල්ලන් සහා පූසන්.තමන් අනුභව කරන ආහාරය බල්ලන්ට සහා පූසන්ටත් දීමෙන් තමන්ගේ හිතට ලොකු සතුටක් ඇතිවෙන බවයි මොවුන් පවසන්නේ.බය කියනදේ මොවුන්ට නැත්තටම නැති තරම්ය.මරණය ද මොවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේ දැඩි ආශාවකින්ය.ඇග පුරාම මිනි අළු තවරාගෙන ගංජා ගහගෙන ෂිවන් වෙනුවෙන් මන්ත්‍රයන් කියාගෙන මොවුන් ජීවිතයම කැපකරමින් බලා සිටින්නේ තමන්ගේ මරණය එනතෙක්.
ඉන්දියාවේ තිබෙන එක් සංකෘතියක් තමයි සමහර මල මිනියන් ගංගාවල පාකර යැවීම.එහෙම පාකර යවන මල මිනියන් මේ ආගෝරාවරුන්ගේ ආහාරය බවට පත්වෙනවා.ඒ වගේම තමන්ගේ මුත්‍රාවද තමන්ම පානය කරනවා.එයින් මොවුන් අදහස් කරන්නේ ලෝකයේ කිසිම දෙයක් අපිරිසිදු නොවන බවයි.මොවුන් ගංජා පානය කරන්නේ මත්වීමේ අරමුණින් නොවන බවයි ඔවුන් පවසන්නේ. ගංජා පානය කිරීමෙන් පසු මොවුන් තමන්ව ද අමතක කරලා ගැඹුරින්ම ෂිවන්ව ධ්‍යානය කරන්න මොවුන්ට පුලුවන් වෙන බව ඔවුන් පවසනවා.
මොවුන් කියන තවත් පුදුම දෙයක් තමයි ලෝකයේ සුවකල නොහැකි රෝගයන්ටද තමන් ළග බෙහෙත් තියෙනවා කියන එක. ඒ බෙහෙත් හදාගන්නේ මිනි අළුවලින් ගන්නා එක්තරා තෙල් වර්ගයකින් කියලයි මේ අය කියන්නේ.අගෝරාවරුන් මිනිස් සමාජයෙන් ඈත්වෙලා මෙවන් ජීවිතයක් ගතකරන එකට ඉන්දියානු රජයෙන් හෝ ජනතාවගෙන් කිසිදු විරෝධත්වයක් නෑ. එයට හේතුව ෂිවන්ට වඩාත්ම සමීපතමයන් අගෝරාවරුන් කියලයි ඔවුන්ගේ විශ්වාසය.
උපුටාගැනීම - "විදිල්ල" ෆේස්බුක් පිටුවෙන්....