‍ඉන්දියාවේ නවදිල්ලි කඳුළු ගංගාවක් වෙයි

පෙබ 16, 2025
    ඉන්දියාවේ නවදිල්ලි නුවර දුම්රිය ස්ථානයක ඇති වූ තදබදයක් හේතුවෙන්, පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

    තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

    එරට සෞඛ්ය අංශ පවසන්නේ, මියගිය පුද්ගලයින්ගෙන් තිදෙනෙකු ළමුන් වන අතර 10 දෙනෙකු කාන්තාවන් බවයි.
     
    “කුම්බමේලා” උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි ජනතාවට ප්රවාහනය සඳහා පැවති දුම්රිය දෙකක් ප්රමාද වීමත් සමග ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
     
    තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් ආරක්ෂක අංශ යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ක්රියාත්මකයි.

    Latest News