KG 231ක හෙරොයින් ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි

දෙසැ 07, 2018

    හෙරොයින් කිලෝග්‍රෑම් 231යි ග්‍රෑම් 54ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ හෙරොයින් ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු යටියන්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    44 හැවිරිදි දියනාදුර දුලිප් සමන්ත නමැති ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී කැලණි ගඟට පැන ඇති අතර යටියන්තොට පොලීස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 15ක මුදලක් සොයාගෙන ඇති අතර යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක ඔහුගේ ගිණුමකින් ලබාගෙන ඇති බවට අනාවරණ වී තිබේ. හෙරොයින් කිලෝ 231ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ සහෝදරයෙකු බවට අනාවරණය වී ඇත.

     

    Last modified on සිකුරාදා, 07 දෙසැම්බර් 2018 15:16

    Latest News