SMS මගින් පිළිිතුරු ලියූ සිසුවාට - අනුබලදුන් ගුරුවරියට මාංචු

දෙසැ 07, 2018

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට නීති විරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටි පෞද්ගලික අයඳුම්කරුවෙක් සහ ඊට අනුබල දුන් පාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. 

    බලංගොඩ, කොටුවල්පොල ප්‍රදේශයේ පදිංචි සැකකාර සිසුවා  බලංගොඩ  ජෛයිලානි මහා විද්‍යාලයේ දී ඊයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටි ඇත.  ඔහුගේ ජංගම දුරකතනයට එස් එම් එස් මාර්ගයෙන් සැකකාර ගුරුවරිය පිළිතුරු යවා ඇති බවට බලංගොඩ පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. 

    සැකකාර සිසුවා ජංගම දුරකථනය තම සපත්තුවේ සඟවාගෙන සිට ඇත.  සැකකරුවන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.

    Latest News