අලුත් නීති නෑ: බොරු නඩු නෑ: නියම වැරදි කරුවන්ට දඩුවම් (වීඩියෝ)

ජන 12, 2020
  • අලුත් නිති හැදීමක් හෝ බොරු නඩු දැමීමක් සිදුනොකරන බව මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසයි.

    ඕනෑම කෙනෙක් වරදක් කලොත් රටේ පවතින නීතිය අනුව වරදට අවශ්‍ය පරීක්ෂණ සිදුකරලා දඩුවම් ලබා දීම පමණක් සිදුවන බව ඔහු කියා සිටියේය.

    රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශයට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන “2020 වාරි සෞභාග්‍ය“ වැඩ සටහන යටතේ හම්බන්තොට කොට්ඨාසයේ බදගිරිය ජලාශය ඇතුළු අවට වැව් ප්‍රථිසංස්කරණය කිරීමේ උත්සවයේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය වරයා මෙසේද පැවසීය.

    නව රජය යටතේ කොයිම මොහොතකවත් වැරිදිකරුවන් ආරක්ෂා කරන්නේ නෑ. මොන තරාතිරමක කෙනෙක් වුනත්, දේශපාලඥයෙක් වුනත් වැරිද කරුවන් නම් ඔවුන්ට උපරිම දඩුවම් ලබා දිමට කටයුතු කරනවා. වැරදි කරුවන් වෙන්නේ රජයේ නිළධාරියෙක් නම් ඒ පිළිබදවත් කටයුතු කල යුතු ක්‍රමයක් තියෙනවා. ඒ අනුව ඒවා සිදුවේවි. ඒ නිසා වැරිද කරුවන් සම්බ න්ධයෙන් රටේ පුරවැසියන්ට අදාල අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ලැබෙන පැමිණිලි කිසිවක් අපි යට ගහන්නේ නෑ. ලැබෙන පැමිණිලි පිළිබදව නියම විදියට පරික්ෂණ පවත්වලා සාක්ෂි කරුවන් පිළිබදව සොයා බලා පැමිණිල්ල ඇත්තද නැත්තද යන්න පිළිබදව පරීක්ෂණ පවත්වලා ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නවා.

    සහල් මිළ පිළිබදව යම් ගැටළුවක් තියෙන බව පේනවා. සතොසේ නම් විකුනන්නේ අඩු මිලට. වී අලෙවි මංඩලයේ වී කොටලා සතොසට විතරයි දෙන්න පුළුවන් වෙන්නේ. සතොසෙන් තමයි බෙදා හරින්නේ. ඇතැම් සුපර් මාකට් වල සතොසටත් වඩා අඩුවෙන් හාල් තියෙනවා. වැඩි දෙනෙක් ආහාරයට ගන්නේ නාඩු සහල්. ඒවා පිළිබදව නම් කිසිසේත්ම ගැටළුවක් තියෙන්න විදියක් නෑ. නාඩු සහල් සත්ව ආහාර සදහා විශාප ප්‍රමාණයක් අරන් ගිහිල්ලා කියලා ආරංචියක් තියෙනවා. පසුගිය කාලේ වෙච්ච දේවල් වලට මට වගකියන්න බෑ. නමුත් අමාත්‍ය වරයා විදියට අද ඉදන් මන් මේ පිළිබද වගකීම බාරගන්නවා. ඉදිරියේදී සියළුම සහල් වර්ගවල මිල පාලනයක් ඇති කිරිමට අවශ්‍ය පියවර ගන්නවා.

    අද වනකොට තරුණයින් පුරන් කුඹුරු අස්වැද්දීමේ කටයුත්තක නියාලි සිටිනවා. අමාත්‍යංශය විදියට අපි ඒ අයට දෙන්න පුළුවන් අපරිම සහාය දෙනවා. ඒ වගේම කියනව්න ඕනේ ගොවි මහත්වරුනුත් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයටත් හුරු විය යුතුයි. වැඩි කල් නොගෙන යළි මේ රට සහළින් ස්වංපෝෂිත කල යුතුයි යැයි අමාත්‍ය වරයා පැවසිය.

     

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 14:32

    Latest News