අර්බුදය ජයගැනීමට සියලු පක්ෂ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අගමැතිවරයා පහදයි...

අගෝ 20, 2022

    ‍රටේ වත්මන් අර්බුදය ජයගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැවතත් අවධාරණය කරනවා.

    ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියෝජිත සමුළුවට අද (20) එක්වෙමින් අග්‍රාමත්‍යවරයා මේ බව කියා සිටියා. මෙම නියෝජිත හමුව පැවත්වුණේ, කොළඹ එන්.එම්.පෙරේරා කේන්‍ද්‍රයේදී. දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සුභාශිංශන එක්කිරීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ගැටලු හා ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සමග මෙහිදී සාකච්ඡාවට ගැණුනා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සහ පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන්, ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා .

    Latest News