ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි ඇදිරි නීති කාලසීමාවේ කෝප් සිටි, ජංගම වෙළෙඳ සේවාව මගින් වියළි ආහාර ද්‍රව්‍ය ගම්මානවලට ගොස් අලෙවි කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. ප්‍රදේශ රැසකට අවශ්‍ය ආහාර මලු සැකසීම ඊයේ සිදු කෙරුණේ, අනුරාධපුර කෝප් සිටි ආයතනයේදී.
බලපිටිය ප්‍රදේශයේ සමෘද්ධිලාභී පවුල් 5,468කට වියළි ආහාර ද්‍රව්‍ය මලු බෙදාදීම ඊයේ ආරම්භ කෙරිණ. රුපියල් 1,500ක භාණ්ඩ ඊට ඇතුළත්. වියළි ආහාර ද්‍රව්‍ය මලු නිවෙස් වෙත ගොස් බෙදාදීම සිදු කෙරේ.