පොහොට්ටුවේ සාමාජිකත්වය නිසා මහින්දගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙයිද?

දෙසැ 18, 2018

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරනු ලැබිණ. 

    ඒ අනූව, අද පස්වරු 1.00ට කතානායක කරූ ජයසූරිය මහතා අසුන් ගැනීමෙන් පසු නිවේදනය කළේ සභානායක වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාගේ නමත් යෝජනා වී ඇති බවයි.  එමෙන්ම, විපක්ෂ නායක ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බව, කතානායක විසින්  සභාවට දැනුම් දුනි.  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතාගේ නම යෝජනා වී තිබුණි.  මෙම නිවේදනයෙන් පසු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ, පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි පුද්ගලයින් සිටින බැවින් ඔවුන් ඉවත් කරන ලෙසයි.  තවදුරටත් අදහස් දක්වමින් කිරිඇල්ල මහතා කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණි පක්ෂයේ සාමාජිකයත්වයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක සාමාජිකයින් වී ඇති බවයි.  ඒ අනූව, ඔවුන්ගේ මන්ත්‍රී ධුරයන් අහෝසි කරන ලෙස ද කිරිඇල්ල මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කතානායක කරූ ජයසුරිය මහතාගෙන් විමසා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් අහෝසි කිරීමක් සම්බන්ධයෙන් දැනුම් දී තිබේද යන්නයි.. ඒ අනූව කතානායකවරයා කියා සිටියේ එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බවයි.

    කිසියම් මන්ත්‍රීවරයෙකු තමා පැමිණි පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත හොත් කිසිඳු බාධාවකින් තොරව ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙහි දී කියා සිටියේය. එය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 21 යටතේ පැහැදිලිව සඳහන් කර ඇති බව ද ඔහු කියා සිටියේය.
    කිසියම් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුට පැමිණි පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක සාමාජිකයත්වය ලබා ගෙන මසක් ගත වීමෙන් පසු එම නීතිය ක්‍රියාත්මක වන බව මෙහි දී කියා සිටියේ ය. මෙය සංකීර්ණයක් ප්‍රශ්නයක් බවත්, සිද්ධිමය කරුණු හා සාක්ෂි තිබෙන ගැටළුවක් බවත් ඔහු කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභා පත් කර සාක්ෂි හා කරුණු විමසීමක් කර සුදුසු තීරණයක් ගත යුතු බවට ද ඔහු යෝජනා කළේය.

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 16:02

    Latest News