මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කොරෝනා එන්නත ළගදීම ශ්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවයි.
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයී. ඉන්දියාව නිෂ්පාදනය කරන කොරෝනා එන්නත සෙසු රටවලට සැපයීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මෙම එන්නත ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ.
ඉන්දියාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක් හදුනාගනු ලැබුවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ද්‍රව ස්වභාවික වායු, බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මහාමාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය සහ විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර වනවා. විධිමත් අධ්‍යාපනයක් ලැබූ මෙරට තරුණ පිරිසට ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් ලබාදීම සදහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසුවා.